Thursday, August 20, 2020

ලෝක පරිසර දිනය

text wrap


අද ලෝක පරිසර දිනය ය

. වර්තමානයේ අපිට එම දිනය ද මතකයේ නැති තරම් ය. අද වන විට පරිසරය වෙනුවෙන් එක

දවසක් නොව දවස් 365 වෙන් කිරිමට කාලය පැමිණ ඇත. මන්ද මනසින් උසස් මානවයා විසින්ම පරිසරයට කර ඇති හානිය එතරම්ම ඉහළ අගයක් ගන්නා බැවිනි.

ඔබත් පරිසරයට ආදරය කරන පුද්ගලයෙකු නම් ඔබටත් මිහිමවගේ දුක් ගායනා ඇසේනවාට සැක නැත. ශ්‍රී විමුක්ති තරැණ සංසදයේ මේ වෑයමත් මිහි මවගේ එකි දුක් ගායනා රැව් පිළි රැව් නැංවිමටය. ඔබත් අසන්න ඔබටත් ඇසේවි,දැනෙවි මිහිමවට සිදුව ඇති හානිය.

අපගේම ඇතැම් ක්‍රියා නිසාවෙන් සිහිසුන්ව සිටින සොබාදම් මාතාව මිය යාමට නොදි රැක ගැනිමට කාලය දැන් පැමිණ ඇත.ඒ සදහා ඔබට මට හැකි අයුරින් දායක වෙමු. මන්ද සොබාදහමෙන් තොර පැවැත්මක් අපට නැත. සොබාදහම රැකුණොත් අප ද රැකෙණු ඇත. සොබාදහම විනාශ කළහොත් අපගේ විනාශය ද වැඩි ඇතක නොවනු ඇත.

හරිත පරිසර දිනයක් වේවා!
Have a green environment day!
ශ්‍රි විමුක්ති තරුණ සංසදයේ අපි.